ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානය ප්‍රතිසංස්කරණය කිරීමේ දෙවන අදියර ජනතා අයිතියට

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ගම සමග පිලිසදර’ වැඩසටහන් මාලාව යටතේ, 2020 දෙසැම්බර් මස 30 වන දින කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයේදී පැවති වැඩසටහනේදී ජනතාව විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත කරන ලද ඉල්ලීම් වලට අනුව, කණුගහවැව ගම්මානයේ ප්‍රජා ස්ථාන ප්‍රතිසංස්කරණය සහ නිවාස ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව සිදු කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් භාරගන්නා ලදී.

මෙහි දෙවන අදියරේ ප්‍රධානයන් ක්‍රීඩා හා තරුණකටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2021 ජුලි 29 දින සිදු විය.

Exit mobile version