ළමා ආරක්ෂාව පිළිබඳව හා ගැහැණු ළමයාගේ අයිතිවාසිකම් පිළිබඳ කාන්තා වෘත්තිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

Share

ළමා ආරක්ෂාව පිළිබඳව හා ගැහැණු ළමයාගේ අයිතිවාසිකම් පිළිබඳ කාන්තා වෘත්තිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්විණි.

ඒ ”දියුණුවේ මං පෙත් හෙළිකරයි. ඇය සවිමත්” යන්න මෙවර කාන්තා දිනයේ තේමාව යටතේ මාර්තු මස 08 වනදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීවයි.

මෙහිදී නීතිඥවරියන්, වෛද්‍යවරියන්, මහේස්ත්‍රාත්වරියන්, හෙදියන්, ගුරුවරියන් ඇතුලු කාන්තා වෘත්තිකයින් හට ළමා ආරක්ෂාව සහ ගැහුණු ළමයා සාමාජීය වශයෙන් සවිබල ගැන්වීමට අදාළව ප්‍රකාශන බෙදා හැරීමක් සිදු කෙරිණි.

එමෙන්ම ළමා විවාහ වැළක්වීමට අදාළ හා 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය ප්‍රචලිත කිරීමට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නිෂ්පාදනය කරන ලද ”පුනරාවලෝකනය” නම් කෙටි චිත්‍රපටය පිළිබඳව කාන්තා වෘත්තිකයින් දැනුවත් කිරීම හා ඊට අදාළ සංයුක්ත තැටි බෙදා හැරීමද සිදු කෙරිණි.

සියලු කාන්තාවන් සහ දියණිවරුන් සඳහා නිසි තැන හිමි විය යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තරයේ විශ්වාස කරන අතර, දියණිවරුන්ගේ ආරක්ෂාවට අදාළ ඕනෑම කාරණයක් සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා සම්බන්ධ වන ලෙසටද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතීඥ මරිනි ද ලිවේරා ඉල්ලා සිටියි.

Read more

Local News