නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 138 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 53,942 ක්.
මේ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් 50,000 කට නඩු පවරා ඇති අතර, තවත් 4000 කට නඩු පැවරීමට නියමිත බවයි පොලිසිය සදහන් කරන්නේ.



