මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට සැලසුම්

Share

ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කර තිබෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සදහන් කරනවා. ඒ පවතින කොවිඩ් අවදානම හේතුවෙන්.

ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වාත් අගෝස්තු 18 වන දින පළමු රන්දෝලි පෙරහැර දින 5ක් පුරා පැවැත්වෙන අතර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 22 වන දා පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

Read more

Local News