යුධ හමුදාවෙන් අද සිට විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

Share

බස්නාහිර පළාත තුළ මේ දක්වා එන්නත් ලබාගෙන නොමැති වයස්ගත පුද්ගලයින්ට හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් ට එන්නත් ලබා ගැනීම සදහා යුධ හමුදාවෙන් අද සිට විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා යුද හමුදාව සදහන් කරනවා.

යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළුව විශේෂ ජංගම රථ 10ක් මේ වැඩ සටහන සදහා යෙදවීමට පියවර ගෙන තිබෙන අතර 011 -2 860 002 හෝ 1906 යන දුරකථන අංක අමතා මෙම ජංගම එන්නත්කරණය සදහා ලියාපදිංචිවීමෙන් එන්නත් ලබාගත හැකි වෙනවා.

Read more

Local News