අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගැනීමට තමන් ගත් තීරණය නිවැරැදි සහ කාලෝචිත බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
කාබුල් අගනුවර ඇතුළු ඇෆ්ගනිස්ථානයේ සමස්ත පාලනය තලෙයිබාන් ත්රස්තයින් අතට පත්වීමේ දිනකට පසු ඒ සම්බන්ධයෙන් ප්රතිචාර දැක්වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පියවර ගත්තේය.
ඒ ඊයේ (16) රාත්රියේ ජාතිය අමතමින් විශේෂ ප්රකාශයක් සිදුකිරීමෙනි.




