අද (12) දිනය තුළ ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා ඇති අවහිරතා සම්බන්ධයෙන් විසදුමක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ, මෙම අවහිරතා සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ විශේෂ සාකව්ජාවක්ද අද පැවැත්වීමට නියමිත බවයි.
පනවා ඇති තහනම ඉවත් කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම රාජ්‍ය අංශයේ නිලධාරීන්ද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් ද කර ඇති බව ද වාර්තා වේ.