සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එම සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ප්‍රකාශ කළේ. අදාළ කෙටුම්පත තුළ අන්තර්ගත සුරාබදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය



