වසර 10 කට වඩා වැඩි කාලයක් එකම පාසලක සේවය කළ 6 -11 ශ්‍රේණිවල ගුරුවරුන් 5473 දෙනෙකුට මෙම මාස අගදී වෙනත් පාසල් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අදියර 3 ක් යටතේ මෙම ජාතික පාසල් ගුරුමාරු වැඩසටහන ක්‍රියාවට නැංවුනු අතර එහි මුල් අදියර පසුගිය වසරේ අග භාගයේ දී ක්‍රියාත්මක විය. එහිදී උසස් පෙළ ගුරුවරුන් 2590 දෙනෙකු වෙනත් ජාතික පාසල්වලට මාරු කෙරිණි.
දෙවන අදියර මේ වසර ආරම්භයේ දී ක්‍රියාවට නැංවුනු අතර එහිදී 1 – 5 ශ්‍රේණි අතර අධ්‍යයන කටයුතු සිදු කරන එකම ජාතික පාසලක වසර 10 කට වැඩි සේවා කාලයක් සපුරන ලද ගුරුවරුන් 1441 ක් අතරින් 760 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
තෙවන අදියර යටතේ මෙම මස අගදී 6 – 11 ශ්‍රේණි අතර ගුරුවරුන් සඳහා වන ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.