ටොන් 2000ක් බර බෞද්ධ විහාරස්ථානයක් චීන ඉංජිනේරුවෝ පසුපසට තල්ලු කරයි

Share

ටොන් 2000ක් බරැති, වසර 135ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් මීටර තිහක් පසුපසට තල්ලු කිරීමට චීන ඉංජිනේරුවෝ සමත් වෙති.

චීනයේ ෂැන්හයි නුවර පිහිටි ‘ජේඩ් බුද්ධා’ විහාරස්ථානයට දිනකට සැදැහැවත්හු ලක්ෂයක් පමණ පැමිණෙති.

ඒ හැමදෙනාම පාහේ හඳුන්කුරු දැල්වීම සාමාන්‍ය සිරිතකි.විහාර ගෙය ඉදිරිපිට මළුවේ ඇති කුඩා ඉඩ ප්‍රමාණය මත විශාල පිරිසක් රැස්වීම නිසා කලබල වූ අවස්ථාවක එකිනෙකා තෙරපීමටත් පෑගීමටත් ලක්විය හැකි අවදානමක් පවතී.එමෙන්ම හඳුන්කූරු දැල්වීම නිසා ගින්නක් ඇතිවීමේ අවදානමක් ද ඇතැයි බලධාරීහු පවසති.

ඔවුහු මෙම විහාර ගෙය මීටර 30ක් පසුපසට තල්ලු කළේ බැතිමතුන්ට වැඩි ඉඩක් ලබා දීමේ අටියෙනි. එමගින් ගින්නකට ඇති අවදානම ද තුරන් වනු ඇත.

දැන් එහි අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙමින් පවතින අතර මේ වසර අග භාගයේ නැවතත් බැතිමතුන් සඳහා විවෘත වීමට නියමිතය.

 

Read more

Local News