ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන්ට සහ එරට පුරවැසියන්ට විදෙස්ගත වීමට පනවා තිබූ සීමා ලබන (01) පළමු වන දා සිට ඉවත් කිරීමට නියමිත ය. විදෙස් ගමන් තහනම් කිරීම සිදු කර ඇත්තේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහායි.
ඕස්ට්‍රේලියාවේ එන්නත්කරණය මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.
එරට මාස 18 කටත් වැඩි කාලයක් විදෙස් ගමන් තහනම ක්‍රියාත්මක විය.
ඕස්ට්‍රේලියාව පැන වූ සංචාරක තහනම නිසා බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට ඉතා දිගු කලක් විදෙස් රටවල රැදී සිටීමට සිදු විය.




