වායුගෝලයේ කාබන් ප්‍රතිශතය ඉහළ යමින් පවතී

Share

අද වන විට වායුගෝලයේ කාබන් ප්‍රතිශතය ඉහළ යමින් පවතී. එසේ ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ද බරපතල අර්බුදයකි.
කාබන් වායුගෝලයට එක් වීම වේගවත් කරන සධකයක් ලෙස හරිතාගාර හැදින්විය හැකියි. ලෝකයේ විශාලත ම හරිතාගාර ඇති රටවල් වනුයේ අමෙරිකා එක්සත් ජනපදය සහ චීනයයි. තෙවනුව විශාල ම හරිතාගාර ඇති රට වනුයේ ඉන්දියාවයි. හරිතාගාර යනු පැළෑටි වර්ධනයට අවශ්‍ය උෂ්ණත්වය ඇතුළු සාධක කෘතිමව ලබා දී වගා කටයුතු කරන ස්ථානයයි.
මෙම කෘතීම වගාව නිසා අද වනවිට ලෝක වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ඇතුළු වායු විමෝචනය කරන ප්‍රධාන සාධකයක් බවට හරිතාගර පත් වී තිබේ.
ඉන්දියාව පවසන්නේ තම රටේ හරිතාගාරවල වායු විමෝචනය කඩිනමින් පාලනය කිරීමට නොහැකි බවත් පරිසරයට අහිතකර වායු විමෝචනය කරන තවත් මාර්ග රැසක් වලක්වා ගත යුතු බවත්ය. මේ අතර අමෙරිකා, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 2050 දී වායු විමෝචනය ශුන්‍ය කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News