වසර 6කට පසුව ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ වේ

Share

වසර 6කට පසුව ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම අද සිදු විය.

යු.එල්.563 දරන ශ්‍රී ලංකන් ගුවන්යානය ඊයේ දින ප්‍රංශයේ පැරිස් නුවර චාර්ල් ඩි ගෝල් ගුවන් තොටුපල බලා පිටත්ව ගිය අතර අද අලුයම මගීන් 200ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලගා විය.
1980 වසරේ දී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන්ගමන් ආරම්භ කෙරුණු අතර එය 2015 වසරේ දී නතර කෙරුණි.

මෙලෙස ආරම්භ කෙරුණු ප්‍රංශ ශ්‍රී ලංකා ගුවන් සේවාව සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනයක දී ම ක්‍රියාත්මක වේ.

Read more

Local News