තවමත් රට තුළ කොවිඩ් වසංගතය පවතින බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (01) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී රණවිරුවන් ට බූස්ටර් එන්නත ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් යුද හමුදාපතිවරයා එම අදහස් පළ කළේය.



