ඩිස්නිලන්තය වසා දමයි

Share

කොවිඩ් -19 ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් චීනයේ ෂැංහායි, ඩිස්නිලන්තය වසාදමා ඇත.

ඩිස්නිලන්තයේ සංචාරයක නිරත වු කාන්තාවක් ආපසු සිය නිවසට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ඒ පිළිබඳව අදාළ බළධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව ෂැංහායි ඩිස්නිලන්තය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර තිබේ.

ඩිස්නිලන්තය සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය කිරීමට නියමිත බව ෂැංහායි බලධාරීන් ප්‍රකාශ කර ඇත.

Read more

Local News