කොවිඩ් මර්දනයට නෙදර්ලන්ත රජය සීමා දැඩි කෙරේ

Share

නොවැම්බර් 6 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කායවර්ධන මධ්‍යස්ථාන, කෞතුකාගාර වැනි පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේ දී එන්නත ලබාගත් බවට සහතික කෙරෙන “කොරෝනා අවසර පත්‍රය” හෝ කොවිඩ් ආසාදිත නොවන බවට ආසන්න දිනයක දී ලබාගත් PCR පරීක්ෂණ සහතිකයක් ඉදිරිපත් කළ යුතු බව නෙදර්ලන්ත අගමැතිවරයා ප්‍රකාශයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂිත මුහුණු ආවරණ පැලඳීමේ නීතිය යළි හඳුන්වා දීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇත්තේ එරට තුළ යළිත් කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙනි.

නෙදර්ලන්තය ඉකුත් ජූලි මාසයේ දී වසංගතයේ උපරිමයට මුහුණදුන් අතර එයින් පසු සමාජ දුරස්ථකරණ සීමා රැසක් ලිහිල් කර ඇත. රටේ වෛරස ආසාදන යළි ඉහළ යෑම ආරම්භ වූයේ ඉන් අනතුරුව බව වාර්තා වේ.

Read more

Local News