හදිසි අපදා තත්වයකට මුහුණ දීමට ගුවන් හමුදාව සුදානමින්

Share

කාලගුණ විද්‍යා දෙපාර්තුෙමින්තු දත්තයන්ට අනුව ඉදිරි දින කිහිපය තුල ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවෙි දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් පවතින බැවින් ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසිම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබිමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් මෙි වනවිට උපදෙස් ලබා දී ඇත.

අපදා තත්වයන් පිළිබද නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය බලඝණයට අයත් බීච් ක‍්‍රාෆ්ට් 200 (Beech Craft 200) වර්ගයේ ගුවන් යානාවන් චිනවරාය ගුවන් හමුදා විද්‍යාපිඨ කදවුරේ සුදානමි කර ඇති අතර යමි හදිසි අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසිමට හා මුදවා ගැනීමෙි මෙහෙයුමි සදහා රත්මලාන ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානා 01 ක් හා බෙල් 412 හෙලිකොප්ටර් යානා 01 ක් ද එමි අයි 17 හෙලිකොප්ටර් යානාවක්ද හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානා 02 ක් ද, පලාලි ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානා 01 ක් ද, අනුරාධපුර ගුවන් හමුදා කදවුර තුල එමි අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 01ක් ද, වීරවිල ගුවන් හමුදා කදවුර තුල එමි අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද, අමිපාර ගුවන් හමුදා කඳවුර තුළ වයි 12 වර්ගයේ ගුවන් යානාවක්ද සමගින් සෑම ගුවන් හමුදා කදවුරක් තුලම මුදවා ගැනිමි මෙහෙයුමි සදහා විශේෂ පුහුණුව ලැබු ගුවන් හමුදා රෙජිෙමින්තු විශේෂ බලකා භට පිරිස් මෙන්ම සහන සැලසිමෙි කටයුතු සදහා ගුවන් හමුදා සාමාජිකයින් මෙි වනවිට සුදානමින් සිටියි.

Read more

Local News