ලකුණු 17 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරඟයට

Share

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරඟය ඊයේ (14) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ අනුව තරඟයෙන් ලකුණු 17 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය.  රෝහිත් ශර්මා පන්දු 61 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 89 ක් රැස්කළ අතර ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී යෑමටකට ලක්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි. එහිදී වේගවන් පිතිහරඹයක නිතර වූ මුෂ්ෆිකර් රහීම්, පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 72 ක් රැස් කළේය.

 

Read more

Local News