ඉදිරි මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමය යෝජනා කර ඇත.
මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාවට ඔවුන් මේ බව යෝජනා කර තිබේ.
එමෙන්ම අපේක්ෂක ලැයිස්තුවෙන් 25%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යෝජනා කර ඇතැයි වාර්තා වේ.



