අද කාලගුණය

Share

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේ පෙරවරු කාලයේ දී වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.

දිවයින හරහා විටින්විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළං පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරනවා.

Read more

Local News