බස්නාහිර දකුණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 80 වක් වන එම කාන්තාව මෙම මස 03 වැනිදා, ඇයගේ නිවසේදි ගෙල සිරකර ඝාතනය කර රන්මාලය සොරාගෙන තිබුණි.
මෙම සැකකරුවන් වයස අවරුදු 20, 23, සහ 30 යන වයස්වල පසු වන්නන් වන අතර අත්අඩංගුවට ගැනීමේදී සොරකම් කරන ලද භාණ්ඩ ද සොයාගත් බව පොලිසිය පැවසීය.
මොවුන් අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.