ඉන්දියාවේ නිරෝධායන නීති වෙනස් වේ

Share

ඉන්දියාව වෙත පැමිණෙන්නන්ට දින 14 ක් නිරෝධායනය විය යුතු බවට පනවා තිබූ නීතිය ඉවත් කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

එය රටවල් 99 කට බලපැවැත්වෙන අතර ලබන සදුදා සිට ක්‍රියාත්මක වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඉන්දියාවට පැමිණීමට පැය 72 කට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය වනවා.

එමෙන් ම එන්නත් කාඩ් පත රැගෙන ඒම අනිවාර්ය වන බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

අමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ රුසියාව යන රටවල් ඊට අයත්.

Read more

Local News