අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැනඩාවට අයත් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට මහ වැසි, නායයෑම් සහ අධික සුළං හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නායයෑම් හේතුවෙන් මියගිය ගණන 10 ක් බවත්, පස් දෙනෙකු අතුරුදන් වී ඇති බවත් වාර්තා වේ.
ගොවිපොල රැසක් විනාශ වී ඇති අතර හදිසියේ හටගත් ජල ගැලීම්වලට හසුවුණු ගවයන් මුදා ගැනීම ද සිදුවෙමින් පවතිනවා.
නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් අවතැන් වුණු ගණන දහසකට වැඩි බවයි වාර්තා වන්නේ.