මාස එක හමාරකට වැඩි කාලයක් පෝලන්ත දේශසීමාවේ රැදී සිටි සරණාගතයින් ඉවතට

Share

මාස එකහමාරකට ආසන්න කාලයක් බෙලරූස් සහ පෝලන්ත දේශසීමාවේ විශාල සංක්‍රමණිකයින් පිරිසක් රැදී සිටියා.

මෙම සරණාගතයින් මැද පෙරදිග ඇතුළු රටවලින් පැමිණි බවයි වාර්තා වූයේ.

ඔවුන් බෙලරුසියාවේ සිට පෝලන්ත දේශසීමාව හරහා වෙනත් රටවල් වෙත යාමට උත්සහ දැරුවා.

මෙම සරණාගතයින්ව බෙලරුසියාව සැලසුම් සහගතව පෝලන්ත දේශසීමාවට එවූ බවටයි චෝදනා එල්ල වුයේ.

විශේෂයෙන් බෙලරුසියාවේ පැවති මැතිවරණය දූෂිත එකක් බවට යුරෝපා සංගමය බෙලරුසියාවට සම්බාධක පැනවූවා.

ඊට පලිගැනීමක් ලෙස සරණාගතයින්ව පෝලන්ත දේශසීමාව හරහා යැවීමට උත්සහ දැරූ බවටයි බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝට චෝදනා එල්ල වූයේ.

කෙසේ නමුත් බෙලරුසියව සහ පෝලන්ත බලධාරීන් එක්ව සරණාගතයින් ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා.

එහි දී අධිබල ජල ප්‍රහාරක ද යොදාගන්නා බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News