කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ජනපති විශේෂ සාකච්ඡාවක

Share

මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ඒ සම්බන්ධයෙන් ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

රසායනික පොහොර මාෆියාව කඩිනමින් හදුනාගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ඊයේ දින කෘෂිකර්ම අමාත්‍යංශය කළ ප්‍රකාශයත් සමග ගොවින් ද දෙගිඩියාවකට පත් වුණේ රසායනික පොහොර ගෙන්වනවාද නැද්ද යන්න පිළිබදවයි.

Read more

Local News