තුනෙන් දෙකක බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි – කරූ ජයසූරිය මහතා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ලැබී තිබෙනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් 121 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර තිබෙනවා. එම පනත් කෙටුම්පතේ කොටස් දෙකක් 12(1) සහ 14(1) වගන්තිය අනනුකූල වන බවත් ප්‍රකාශ වෙනවා. මේ සඳහා තුනෙන් දෙකක බහුතර ඡන්දය ලබගැනීම සහ ජනමත විචාරණයකින් සම්මත කරගැනීම අවශ්‍ය වෙනවා යැයි ද කතානයකවරයා  නිවේදනය කරමින් අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව දැන්වීය.