කින්නියා කුරුඤ්ඤංකර්ණි පාලමේ ඉදිකිරීම් කටයුතු වහා අවසන් කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
කින්නියා කලපුවේදී පාලම් පාරුව පෙරලී යාමෙන් ජීවිත 06 ක් ඊයේ අහිමි වුණා.
පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා එම ප්‍රදේශයට බස් රථයක් යෙදවූ බවයි වාර්තා වන්නේ.
එහෙත් ජනතාව ඊට ද විරෝධය පළ කළ බවයි වාර්තා වන්නේ.



