ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්ම වූ වැසි

Share

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින පුරා අහස වලාකුළින් බරව පවතින බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

Read more

Local News