රුසියාවේ ගල් අගුරු නිෂ්පාදනය කරන කලාපයේ විශාල මීතේන් පිපිරීමක් – 50කට අධික පිරිසක් ජිවිතක්ෂයට

Share

රුසියාව ලෝකයේ විශාලතම ගල් අඟුරු නිෂ්පාදනය කරන රටක්. එසේ ම ලෝකයේ වැඩිම ගල් අඟුරු ආකර ආශ්‍රිත අනතුරු වාර්තා වී ඇත්තේ ද රුසියාවෙන්.

රුසියාවේ විශාල ලෙස ගල් අඟුරු නිපදවන කලාපය වනුයේ කෙමරෝවයි. මොස්කව් නගරයේ සිට කිලෝමීටර් 3000 කට වඩා දුරකින් නැගෙනහිරට වන්නටයි කෙමරෝවෝ ප්‍රදේශය පිහිටා ඇත්තේ.

මෙම ප්‍රදේශයේ ගල් අඟුරු ආකරයක සිදු වූ මීතේන් වායු පිපිරීමක් නිසා අනතුර සිදුව තිබෙනවා.

මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 52 කට වැඩි බවයි රුසියානු බලධාරීන් පවසන්නේ.

තුවාල ලැබුවන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා උපරිම ශක්තිය යොදවන්නැයි රුසියානු ජනාදිපති ව්ලැදිමීර් පුටින් මහතා උපදෙස් දී තිබෙනවා.

(රවිෂ්කා ගම්ලත්)

Read more

Local News