මංගල උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරයි

Share

නව මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව එළිමහනේ පැවැත්වීමට ධෛර්යමත් කර ඇති අතර එළිමහන් විවාහ උත්සවවල ආරාධිතයන් සංඛ්‍යාව මීට පෙර පැවති 150 සංඛ්‍යාවේ සිට 250ක් දක්වා ලිහිල්කර තිබේ.

මීට පෙර ශාලාවල පැවැත්වෙන මංගල උත්සව සඳහා සහභාගී වීමට අවසර හිමිවූයේ 150ක පිරිසකට පමණි.

නව මාර්ගෝපදේශවලට අනුව උත්සව ශාලාවේ ධාරිතාවයෙන් තුනෙන් එකක් හෝ උපරිම 200ක් මංගල උත්සවය සඳහා සහභාගී වීමට අවසර ලැබේ.

නමුත් මත්පැන් භාවිත කිරීමට අවසර නොලැබෙයි.

Read more

Local News