කොවිඩ් වසංගතයත් සමඟ ලෙබනනයේ බරපතල ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙනවා.
එරට මුදල් ඒකකය 90% කින් පමණ පහත වැටි තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ නිසා භාණ්ඩ හා සේවා මිල ගණන් ජනතාවට දරා ගැනීමට නොහැකි මට්ටමකට ලඟා වී ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.
2019 සිට මේ ආර්ථික බිඳ වැටීම ආරම්භ වූ බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් බීරූට් වරායේ සිදු වූ මාරාන්තික පිපිරීම ද එරට ආර්ථික බිඳ වැටීමට හේතු වී තිබෙනවා.
කෙසේ නමුත් එරට ජනතාව දැන් වීදි බැස ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
දිගින් දිගටම ටයර් පුළුස්සා දමමින් මාර්ග අවහිර කරන ජනතාව වහාම තමන්ට සහන දෙන්නැයි ලෙබනන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ලෙබනන් බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි මාධ්‍ය පවසන්නේ.



