අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් උසස් පාසලක තිදෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් අටදෙනෙකු බරපතල තුවාල ලැබූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
මියගිය තිදෙනා අතර පාසල් සිසුන් දෙදෙනෙකු හා ගුරුවරයෙකු ද සිටිනවා.
මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ 15 හැවිරිදි සිසුවෙකුයි. අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් මේ සඳහා යොදාගෙන තිබෙනවා.
කිසිදු වෙඩිතැබීමක් කරන්නේ නැතිව ගිනි අවිය අත තිබූ සිසුවාව පොලිස් භාරයට ගෙන තිබෙනවා. එහෙත් වෙඩි තැබීමට හේතුව ඔහු ප්‍රකාශ කර නැති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය කාලය පුරාම අමෙරිකාවේ පාසල් ආශ්‍රිත වෙඩිතැබීම් වාර්තා වුණා.
විශේෂයෙන් මෙවැනි වෙඩි තැබීම්වලට සම්බන්ධ වී ඇත්තේ බොහෝ විට පාසල් සිසුන්.
වත්මන් අමෙරිකානු පාසල් සිසුන් අතර ආතතිය බරපතල ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
මෙය අද අමෙරිකානු ජාතික ප්‍රශ්නයක් බවයි මිචිගන් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ.



