ඉස්ලාමීය රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්ගේ විශේෂ හමුවක් පසුගියදා (30) රාත්‍රියේ පැවැත්වුණා.
මෙම විශේෂ හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී පැවැත්වුණා.
මෙම සුවිශේෂී හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට රටවල් 15 ක් නියෝජනය කරන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් එක්ව සිටියා.
ඉස්ලාමීය රටවල් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ලබා ගතහැකි දායකත්වය පිළිබඳව මෙහි දී රාජ්‍ය ත්‍රාන්තිකයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.



