වහාම පාසල් දරුවන්ගේ පහසුකම් සහ සේවා ගාස්තු ඉවත් කරන්න කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.
ඊට අවධානය යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවා.
මේ අතර බෝඩ් ලෑල්ලට සහ තාප්පයට සීමා වූ ජාතික පාසල් ගැන ද පාර්ලිමේන්තුවේදී කතා වුණා.
දරුවන්ගේ පොත්වල බර අඩු කොට අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ඇති කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.



