රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාව අද (02) නිදොස් කොට නිදහස් කළා.
ඔහු මාස 08 කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටියා.
ඒ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළ බවට චෝදනා එල්ල කරමිනුයි.
අසාද් සාලි මහතාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද නියෝග
නිකුත් කෙරුණා.
අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ සියලු චෝදනා ද්වේෂ සහගතව සකස් කළ ඒවා බවයි.
ඒ අනුව තම සේවාදාකයාට වන්දියක් ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.



