ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මහතා පැවසුවේ ගාල්ල, වක්වැල්ල ජලය බෙදා හැරීමේ පොම්පාගාරයේ ඇති වූ හදිසි ගින්නෙන්පසු නතර වී තිබූ ගාල්ල නාගර සීමාවේ ජලය බෙදා හැරීමේ කටයුතු අද (16) මධ්‍යහන 12.00 පමණ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන බවයි.
මේ වනවිට ජල පොම්පාගාරයේ ජලය පිරිසිදු කිරීම් කටයුතු යථා තත්ත්වයට පත්කොට ඇති අතර පානීය ජල අවශ්‍යතාවය සඳහා බවුසර් මඟින් ජලය ලබාදීමට කටයුතු සිදු කර තිබේ.