හැම මොහොතකම මාධ්‍යවේදීන් ආරක්ෂා කළ හැටි මාධ්‍යවේදීන්ට රක්ෂණය දෙමින් අගමැති මහින්ද කියයි

Share

මාධ්‍යවේදීන්ටත් තේරෙන්නේ නැති විදිහට රට හසුරවන නොයෙක් බලවේග ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) ප්‍රකාශ කළා.

ඒ මෙරට ජනමාධ්‍යවේදීන්ට ප්‍රථම වතාවට ඇසිදිසි රක්ෂණාවරණය ප්‍රධානය කරමිනුයි.

සෑම විටම මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට ක්‍රියාකළ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

ආණ්ඩු පත් කිරීමට සහ පෙරළීමට මාධ්‍යට හැකි වුණත් ආණ්ඩු පවත්වාගෙන යාමට මාධ්‍යට හැකියාවක් නැති බව අප තේරුම් ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

එහෙම වුණොත් මීට වඩා ලොකු රක්ෂණයක් මාධ්‍යට දීමට සිදු වන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News