ඉන්දුනීසියාවේ ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව ඉහළට

Share

ඉන්දුනීසියාවේ සෙමේරු ගිනි කන්ද සක්‍රීය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජාවා දූපත් හි පිහිටා ඇති සෙමේරු ගිනි කන්ද සක්‍රීය වීමත් සමග අළු සහිත දුමාරය ප්‍රදේශය පුරා පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ගිනි කන්ද පුපුරා යාම හේතුවෙන් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇති බවද සදහන්. ගිනි කන්ද අවට පිහිටා ඇති ගම්මාන 11 ක පුද්ගලයින් 902 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එම ගම්මාන ගිනි කන්දේ අලුවලින් සම්පූර්ණයෙන්ම වැසී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Read more

Local News