ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය යටතේ එරට හිටපු හමුදා ප්‍රධානීන් ඝාතනය කිරීම සම්බන්ඳයෙන් මේ වන විට අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් 22 ක් විරෝධය දක්වා තිබෙනවා.
එම රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තලේබාන් පාලනය විසින් මෙවැනි ක්‍රියා වහාම නැවත්වීමට කටයුතු කළ යුතු බවයි.



