ජාවාහි සෙමේරු ගිනිකන්ද තවදුරටත් සක්‍රීය බව වාර්තා වනවා.
මේ දක්වා විසි දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නැගෙනහිර ජාවා පළාතේ පිහිටි සෙමේරූ ගිනිකන්ද මීටර් 3600 ක උසකින් යුක්තයි.
ක්‍ෂණිකව පුපුරා ගිය ගිනිකන්ද නිසා ඉන් පහළ තිබූ නිවාස ඇතුළු දේපල රැසක් ලාවාවලින් වැසි ගියා.
මිය ගිය සංඛ්‍යාව 22ක් ලෙස වාර්තා වුව ද එය මීට වඩා වැඩි විය හැකි බවයි බලධාරීන් පවසන්නේ.
මේ වන විට තුවාල ලැබූ සංඛ්‍යාව 56 දෙනෙකුට වඩා ඉහළ සංඛ්‍යාවක් බවයි වාර්තා වන්නේ.



