ජපානය මීළඟ කොවිඩ් රැල්ලට සූදානම්

Share

ජපානය නැවත හතරවන කොවිඩ් රැල්ලට මුහුණ දීමට සුදානම් වනවා.

මේ වන විට සෞඛ්‍ය ධාරිතාව ඉහළ මට්ටමකට ගෙන ඒමට ජපන් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන අවසන්.

ඒ අනුව මේ වන විට ටෝකියෝ ආශ්‍රිත රෝහල්වලට පමණක් හතලිස්දාහකට වැඩි සංඛ්‍යාවක් රෝගීන් ඇතුලත් කර ගැනීමට හැකියි.

විශේෂයෙන් වෙන්කර ඉතා ආරක්ෂිතව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙහි අරමුණයි.

මීට අමතරව පසුගිය කොවිඩ් රැල්ලේ ද මුහුණ දුන් දැඩිසත්කාර ඒකක හිඟය ද මඟහරවා ගැනීමට ක්‍රියාකර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව සේවක හිඟය ද 80% කින් පමණ ඉහළ නංවා තිබෙනවා.

Read more

Local News