අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වුවද මරණ සංඛ්‍යාව 100 ඉක්මවනු ඇති බවටයි සහන කණ්ඩායම් සඳහන් කරන්නේ.
ගොඩනැගිලි සහ නිවෙස් කඩා වැටීමෙන් බොහෝ දෙනෙක් ඒ තුළ සිරවී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ටොනේඩෝ සුළි කුණාටු හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වි ඇත්තේ අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයටයි.
ආපදාවට පත් වූ ජනතාවට අවශ්‍ය සහන කටයුතු සම්පාදනයට රජය මුදල් ලබා දෙන බව ජනාධිපති ජෝ බයිඩ්න් ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.
දේපළ හා ජීවිත හානි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි එරට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ.



