ලබන වසරත් කිසිම වාහනයක් ගෙන්වන්නේ නැහැ.
මේ රජය පසුගියදා කළ ප්රකාශය.
ඇත්තටම ඩොලර් ප්රශ්නයට විසඳුම වාහන ආනයනය තහනම් කිරීම නොවන බව වාහන ආනයනයකරුවන් පවසනවා.
තමන් සමග සාකච්ඡා කළා නම් මේ ප්රශ්නයට විසදුම් හරිම ලේසියෙන් ලබා ගන්න පුළුවන් කියලා ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා ප්රකාශ කළා.



