අද දින වැඩ වර්ජනය කිරීම සාධාරණ නෑ – තැපැල්පති රංජිත් ආරියරත්න

Share

තැපැල් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදීත් පැය තුනක පමණ කාලයක් සාකච්ජා කර මේ මොහොතේ කළ හැකි සහ නොහැකි දේවල් ගැන පැහැදිලි කර තිබියදී අද (14) දින වැඩ වර්ජනය කිරීම සාධාරණ නැති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පැවසුවා.

වෘත්තීය සමිති ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් 24න් 20ක්ම විසඳා ගැනීමට හැකියාව තිබියදීත් වෘත්තීය සමිති වැඩවර්ජනයට යොමුව තිබෙන බව ආරියරත්න මහතා කියාසිටියා.

වැටුප් සහ සේවක බඳවා ගැනීමේ ප්‍රශ්නය මේ මොහොතේ කඩිනමින් විසඳිය හැකි තත්ත්වයන් නොවන බව වෘත්තීය සමිති වෙත පැහැදිලි කර තිබෙන බවයි තැපැල්පතිවරයා පැවසුවේ.

අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් බඳවා ගැනීම් සිදුකරන බවට මූලික එකඟතාවක් ඇති කර ගත් බව ද ආරියරත්න මහතා කියාසිටියා.

සෙසු ප්‍රශ්නවලට විසඳුම් දී තිබියදීත් මෙලෙස වැඩ වර්ජනය කිරීම ඉතාම ආසාධාරණ දෙයක් බවයි හෙතෙම සඳහන් කළේ.

වැඩවර්ජනය තිබියදීත් විශාල ප්‍රමාණයක් සේවයට වාර්තා කර ඇති නමුත් රාජකාරී නිසිලෙස කිරීමට නම් සියලු දෙනාගේම සහභාගීත්වය තිබිය යුතු බව තැපැල්පතිවරයා පැහැදිලි කළා.

Read more

Local News