ඉතාලියේ මධ්‍යම කලාපයේ වැඩබිමකින් දෙවැනි ලෝක යුද සමයට අයත් බෝම්බයක් හමුවෙයි

Share

ඉතාලියේ මධ්‍යම කලාපයේ වැඩ බිමකින් දෙවැනි ලෝක යුද සමයට අයත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත පුපුරා නොගිය බෝම්බයක් හමුවීමත් සමඟ ඒ අවට වෙසෙන 23,000 දෙනෙකු පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කොට ඇත.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ අත්වැරැදීමකින් හෝ එය සක්‍රිය වුවහොත් පුපුරා යාමට ඉඩ ඇති බවයි. එම නිසා හමුදාවේ සහ නාවික හමුදාවේ විශේෂ භට කණ්ඩායම් බෝම්බය ඉන් ඉවත් කර මුහුදට හෙළීමට පෙර ප්‍රදේශයේ රෝහල් ගොඩනැගිලි තුළින් රෝගීන් ඉවත් කිරීමට සහ දුම්රිය සේවා අත්හිටුවීමට පියවර ගනු ලැබුණු අතර පසුගිය දා (14) පාසල් වසා තැබුණි. ෆැනෝ නගරයේ වරාය සහ ගුවන් තොටුපළ ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

වෙරළ කලාපයේ කානු පද්ධතියක් ඉදිකිරීමේ දී හමු වූ මේ බෝම්බය අඩි 3.6 (මීටර 1.1) දිග අතර රාත්තල් 500 (කිලෝග්‍රෑම් 225) බරය.

Read more

Local News