ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට

Share

2022 වර්ෂය සඳහා පළාත් පාලන ආයතන කිහිපයක අයවැය චන්ද විමසීම් ඊයේ (15) පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත් වුණා.

ඡන්ද විමසීම අතරතුර ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති වුණා.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා බෙදීමකට ඉල්ලීම් කල ද සභාපතිවරයා ඒ මොහොතේම සභා ගර්භයෙන් පිටව ගොස් තිබෙනවා.

පවතින බලතල අනුව සභාවේ වැඩකටයුතු සිදුකරගෙන යාම සඳහා උප සභාපතිවරයාට පැවරුණු අතර ඔහු නිල වශයෙන් අයවැය පරාජයට පත් වූ බව ප්‍රකාශ කළා.

මෙවර බලන්ගොඩ නගර සභාවේ 2022 අයවැය ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.

Read more

Local News