තවමත් විසදුම් නැති පොහොර ප්‍රශ්නය

Share

නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති තැනට පොහොර ප්‍රශ්නය ගමන් කර අවසන්.

ජනාධිපතිවරයාට අවශ්‍ය වුයේ අපේ රටේ හරිත කෘෂිකර්මාන්තයක් කර ගෙන යාමේ පොරොන්දුව ඉටු කරන්නයි.

එයට අතගහපු මැති ඇමති නිලධාරීන් සහ සමහර කේවට්ට උපදේශකයින් අද නැති ප්‍රශ්න රාශියක් ඇති කොට තිබෙනවා.

කොහේදෝ තිබුණ පොහොර නැවකට දැන් රුපියල් කොටි ගණනක් වන්දි ගෙවන්න සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇත්තටම කාබනික පොහොර කියන සංකල්පයත් දැන් මාෆියාවක් දක්වා වර්ධනය කරගෙන තිබෙනවා.

ඒ කල දුටු කළ වල ඉහින මිනිසුනුයි.

Read more

Local News