අද (16) දින සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය.
එමෙන්ම නව මාර්ගෝපදේශ අනුව අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි උපරිම සංඛාව 30ක් දක්වා ඉහළ දමා ඇති අතර මංගල උත්සවවල දී මත්පැන් පිළිගැන්වීමේ තහනම අද සිට ඉවත් වේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ සම්පූර්ණ මාර්ගෝපදේශ සංග්‍රහය පහතින්.







