ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම අද අභියාචනාධිකරණයට පොරොන්දු වෙයි

Share

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අනුමැතිය අනුව ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම අද අභියාචනාධිකරණයට පොරොන්දු වුණා.

එසේම අනුමත සංයුතිය ස්ටිකරයක සටහන් කර ගෑස් සිලින්ඩරය මතුපිට ප්‍රදර්ශනයටත් ලිට්‍රෝ සමාගම පොරොන්දු වුණා.

සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතායි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

අවසන් තීන්දුව හෙට සහ අනිද්දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා.

Read more

Local News