බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම දෛනික කොවිඩ් රෝගීන් ඊයේ – රෝගීන් අතර ඩෙල්ටා සහ ඔමික්‍රෝන්

Share

කොවිඩ් වෛරසය බ්‍රිතාන්‍ය තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

ගෙවුණු සමස්ථ කොවිඩ් කාලයම සැලකීමේ දී ඊයේ වාර්තාගත රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගත් දිනය බවට පත්ව තිබෙනවා.

එසේ හඳුනාගත් සංඛ්‍යාව 78000කට වැඩියි.

මිට පෙර රට වස දැමූ සමයේ පවා වැඩිම දෛනික රෝගීන් වාර්තා වී ඇත්තේ 60,000 කට ආසන්න සංඛ්‍යාවකුයි.

මෙවර කොවිඩ් ඩෙල්ටා සේම ඔමික්‍රෝන් ද පැතිර යන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පෙන්වා දෙනවා.

ඔහු පවසන්නේ කොවිඩ්වලින් ආරක්ෂා වීමට වෛද්‍ය උපාධියක් අවශ්‍ය නොවන බවයි.

සෑම පුද්ගලයෙකුම පෞද්ගලිකව පිළිපැදිය යුතු පිළිවෙත් අනුගමනය කිරීම තුළ පසුගිය වසරට වඩා සුභාදායි නත්තලක් බුක්ති විදිය හැකි බව අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙනවා.

රට අඟුළු දැමීමට අපේක්ෂා නොකරන බවද ඔහු පවසා තිබෙනවා. නමුත් නත්තල් ප්‍රියසාද, රාත්‍රී සමාජශාලා ආදිය හැකි තරම් සීමා කරන්න යැයි ඔහු සමස්ත බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් ම ඉල්ලා තිබෙනවා.

එසේම මුව ආවරණ නිසි ලෙස පලදීම, සමාජ දුරස්ථ භාවය සහ බූස්ටර් එන්නත ලබාගැනීම ද අනිවාර්යයෙන්ම කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

Read more

Local News